චුල්බුල් පාණ්ඬේගේ තෙවැනි වික්‍රමය එනවා



සුපිරි බොලිවඩු තරු සල්මන් ඛාන් ප්‍රධාන රංගනයෙන් එක්වන ඩබාන්ග් චිත්‍රපට මාලාවේ තෙැවැන්න  ලබන 20 වැනිදා ලොව පුරා හින්දි රසිකයින් වෙත ගෙන ඒමට සල්මන් ඛාන් කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.

බොලිවුඩ් සිනමා අධ්‍යක්ෂක ප්‍රභුදේවා විසින් එය අධ්‍යක්ෂණය කරනු ලබන මෙම චිත්‍රපටයේ සල්මාන් ඛාන් , සොනක්ෂි සින්හා, අර්බාස් ඛාන්, මහි ගිල් දමිල් සිනමා නළු සුධිප් මෙහි රංගනයෙන් දායක වෙයි.

මෙම චිත්‍රපටයේ  නිෂ්පාදක වන්නේ සල්මන් ගේ සොයුරු අර්බාස් ඛාන්ය.මෙම ඩාබන්ග් චිත්‍රපට මාලා ත්‍රිත්වයේම රගපෑ නිළිය වූයේද සෝනාක්ෂි සින්හාය.

සල්මන් ඛාන් ‘ඩබාන්ග්’ චිත්‍රපට මාලාවට එක්වී සිටින්නේ චුල්බුල් පාණ්ඬේ නමැති චණ්ඩි පොලිස් නිලධාරියා ලෙසිනි.

පළමු සහ දෙවැනි චිත්‍රපටයේත් මෙම තෙවැනි නවතම චිත්‍රපටයේත් චුල්බුල් පාණ්ඬේගේ සරාගී බිරිඳ වන්නේ රජ්ජෝගේ චරිතයට පණ පොවන  සෝනාක්ෂි සිංහා ය. කෙසේ නමුත් නවතම ඩබාන්ග් චිත්‍රපටයට නවක නිළියක වන වොරිනා හුසේන් ද එක්වී සිටින්නීය.

ඒ, චුල්බුල්ගේ පළමු පෙම්වතිය ලෙසිනි. චුල්බුල් පාණ්ඬේගේ අතීත මෙන්ම වර්තමාන කතාව චිත්‍රපටයට පාදක වෙයි.

මීට පෙර ප්‍රදර්ශණය කළ චිත්‍රපට ද්විත්වයම බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත වූහ.

චිත්‍රපටයේ රූපගත කිරිම් ඉන්දියාවේ ජායිපූර්හි ප්‍රදේශයෙහි සිදු කරනු ලැබීය.

( තිළිණි ද සිල්වා )
හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරෙනි


RECOMMEND POSTS