චක් නොරිස් යහතින් ඉන්නවා



හොලිවුඩයේ අමරණීය සටන් නළු චක් නොරිස් ‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වී මියගියේ යැයි අසත්‍ය පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යමින් පවතී.

සත්‍ය පුවත වන්නේ, 80 හැවිරිදි චක් නොරිස්, කොරෝනා ආසාදිතයකු ඇසුරු කිරීම හේතුවෙන් වෛද්‍ය උපදෙස් අනුව ඔහු දින 14 ක් ස්වයං නිරෝධායනයට ලක් වී සිටීමය. ඔහු මියගොස් නොමැත.

චක් නොරිස් ස්වයං නිරෝධායනයට ලක් වී සිටින්නේ ටෙක්සාස් හි නෝර්ත්වුඞ් හි පිහිටි සිය නිවසේය.

චක් නොරිස් මීට පෙර අවස්ථාවක ද නාගයකු කළ දෂ්ටනයකින් මියගියේ යැයි අසත්‍ය පුවත් මේ අයුරින් පළ විය.

චන් නොරිස් උපන්නේ 1940 මාර්තු 10 වැනිදාය. චක් නොරිස් කරාතේ, ත්වයිකොන්දෝ, බ්‍රසීලියානු ජිජුට්සු සහ ජූඩෝ ශූරයෙකි. ක්‍රියාදාම නළුවකු ලෙස චක් නොරිස් හොලිවුඩය ජය ගත්තේ ඩෙල්ටා ෆෝස්, මිසින් ඉන් ඇක්ෂන්, ලෝන් වුල්ෆ් මැක්ලෝඞ්, වැනි චිත්‍රපට හරහාය.

1972 වසරේ දී ‘වේ ඔෆ් ද ඩ්‍රැගන්’ චිත්‍රපටයේ චක් නොරිස් සහ බෲස් ලී අතර සටන සදා අමරණීය හොලිවුඞ් වික්‍රමයකි. චක් නොරිස් බටහිර රූපවාහිනියේ ද ජනප්‍රිය සටන් නළුවෙකි. ඒ, ‘වෝකර් ටෙක්සාස් රේන්ජර්’ කතා මාලාව හරහාය.

පසුගිය මැයි මාසයේ විකාශය වූ ‘හවායි ඕ ෆයිව්’ 10 වැනි කතා මාලාව හරහා ද චක් නොරිස්ගේ රංගනය දැක ගන්න ලැබුණු අතර, මෙය චක් නොරිස් රසික රසිකාවියන් පුදුම කිරීමට ද හේතුවක් විය.

(හොලිවුඞ් පුවත්)


RECOMMEND POSTS