ගේම් ඔෆ් ත්‍රෝන් සොරකම් කරලා



ලොව අතිශයින් ජනප්‍රිය ‘ගේම් ඔෆ් ත්‍රෝන්’ රූපවාහිනී කතා මාලාවේ 7 වැන්න මේ දිනවල ඇමෙරිකාවේ ‘එච්.බී.ඕ’ නාළිකාවේ නිෂ්පාදනයක් ලෙස ප්‍රදර්ශනය වෙයි.

හත්වැනි කතා මාලාවේ සිවු වැනි කොටස ඉකුත් දා විකාශය කෙරුණි. එම කොටස නිල වශයෙන් විකාශය වීමට පෙර, පසුගිය 4 වැනිදා එය අන්තර් ජාලය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වූයේ නීතිවිරෝධී ආකාරයටය.

ඒ ගැන පරීක්ෂණ පැවැත්වුණු අතර, එම නීති විරෝධී ක්‍රියාව කළේ මුම්බායි නුවර ‘ප්‍රයිම් ෆෝකස්’ නමැති පරිගණක සමාගමේ පරිගණක විශේෂඥයන් සිවු දෙනකු බව අනාවරණය විය. මුම්බායි පොලිසිය මැදිහත් වී අත්අඩංගුවට ගත්තේ මෙම සිවු දෙනාය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS