ගී ගයන පර්නීති



පරිනීති චොප්රා සුරූපී බොලිවුඞ් නිළියක් පමණක් නොව, ඇය දක්ෂ ගායිකාවක ද වන්නීය.

ඇය ගායිකාවක ලෙස පළමුවෙන් කරළියට පැමිණියේ ‘මේරි පයාර් බින්දු’ චිත්‍රපටයේ ‘මානා කේ හම් යාර් නහීන්’ ගීතය ගායනා කරමිනි.

දැන් පරිනීති තනිව ගීත ඇල්බමයක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින අතර ඇය පවසන්නේ ඒ හරහා ඇගේ රසික රසිකාවියන්ට අලුත් අත්දැකීමක් ලැබෙනු ඇති බවය.

පරිනීතිගේ අලුත්ම චිත්‍රපටය වනු ඇත්තේ ‘නමස්තේ ඉංග්ලන්ඞ්’ චිත්‍රපටයයි. එහි රූගත කිරීම් මේවනවිට ලහිලහියේ සිදුවෙයි. චිත්‍රපටයේ ඇගේ පෙම්වතා වනු ඇත්තේ අර්ජුන් කපූර්ය. පර්නීති ගීත ගායනයට සූදානම් වන්නේ රූගත කිරීම අතරතුරේ යැයි ද පැවැසෙයි.

(ෆිල්ම් ෆෙයාර්)


RECOMMEND POSTS