කෝලියි අනුෂ්කයි පැලයක් හිටවලා



ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් නායකයා වන විරාට් කෝලි සහ බොලිවුඩ්හි ජනප්‍රිය නිළි අනුෂ්කා ෂර්මාගේ ආදර කතාව අලුත් දෙයක් නොවේ.මේ ආදර ජෝඩුව යළිත් එකට අල්ලපු රට වූ ශ්‍රී ලංකාවේ නිවාඩුවක නිරතවන බව මේ දවස්වල අන්තර්ජාලයේ පැතිර ගිය ප්‍රවෘත්තියකි.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරඟාවලියකට සහභාගී වී සිටින අතරවාරයේදී අනුෂ්කා සහ විරාට් ලංකාව පුරා සංචාරය කරමින් විනෝදය වීමට අමතක නොකළ අතරම අනාගතය වෙනුවෙන් යමක් කිරීමටද ඔවුන් දෙපළ අමතක කළේ නැහැ.

ඒ දෙරටේ අතර පැවැත්වූ ප්‍රථම එක්දින තරඟය දඹුල්ලේ පැවති අතරවාරයේ දී ඔවුන් නැවතී සිටි හෝටලයේදී ‘‘බුලු “ ශාකයක් සිටුවීමට කටයුතු කිරීමත් සමඟය.ඔවුන් ගේ සංචාරය සිහිගන්වමින් එම හෝටල් පාලනාධිකාරිය විසින් ලබා දුන් එම අවස්ථාව ගැන අනුෂ්කා සහ විරාට් කෝලි සතුටින් සිටන බවයි බොලිවුඩයෙන් ආරංචි වන්නේ.

ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙන සෑම අවස්ථාවකම සංචාරය කෙටි වීම සහ කාර්ය බහුල වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ස්වභාව සෞදර්යය නැරඹීමට නොහැකි වුවත් මෙවර සංචාරයේදී ඒ අවස්ථාව හිමි වූ බව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි සිය ඉන්ස්ට්‍රග්‍රෑම් සමාජ ජාල අඩවියේ සඳහන් කරන තිබිණි.

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සිරි නරඹමින් විරාත් කෝලි ට්විටර් ජාලය ඔස්සේ 'සෙල්ෆි' ඇතුළු ඡායාරූප ද පළ කොට තිබේ. 35000 කට අධික පිරිසක් ඒ සෑම ඡායාරූපයකටම 'like' කර තිබෙන අතර, දහස් ගණනක පිරිසක් එම ඡායාරූප සිය මිතුරන් අතර 'retweet' කර තිබේ.

( තිළිණි ද සිල්වා )

ෆිල්ම්ෆෙයාර් ඇසුරෙනි.


RECOMMEND POSTS