කෝලිට ළං වුණු පාකිස්තාන මාධ්‍යවේදිනිය



ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරේ ඉන්දීය ක්‍රිකට් ශූර විරාත් කෝලි සමඟ සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටි පාකිස්තාන මාධ්‍යවේදිනියක හිටිහැටියේ ජනප්‍රිය වී ඇතැයි එන්.ඩී.ටීවී. පුවත් සේවය වාර්තා කර ඇත.

මෙසේ එක රැයින් ජනප්‍රිය වී ඇත්තේ සයිනාබ් නමැති මාධ්‍යවේදිනියයි.

මැය ඩුන්යා පුවත් නාළිකාවේ ක්‍රීඩා වාර්තාකාරිනිය වන්නීය.

දක්ෂ පිතිකරුවකු වන කෝලී ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ළකුණු නොලබා දැවී යෑම සම්බන්ධයෙන් අදහස් ලබා ගැනීමට මාධ්‍යවේදිනිය පසුගිය දා සමත් වූවාය.

ඇය කෝලී කැමැති කරවාගෙන සෙල්ෆි ඡායාරූපයක් ලබා ගත්තේ එම අවස්ථාවේදීය.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS