කෝටි 24 ක් වටින කන්ගනා



ඔන්න කන්ගනා බොලිවුඩයේ වැඩිම අයකිරීමක් කරන නිළිය බවට පත්වෙලා.

එයාගෙ අලුත්ම ෆිල්ම් එක වුනේ තමිල්නාඩුවේ සිටි කෘතහස්ත දේශපාලන නායිකාවක වු අභාවප්‍රාප්ත  ජයලලිතා ජයරාම්ගෙ බයෝපික් එක "ජයා" ෆිල්ම් එකට කන්ගනා ඉන්දියානු රුපියල් කෝටි 24ක් අයකරලා ලු. 

මේක බොලිවුඩයේ නිළියක් විසින් එතෙක් මෙතක් චිත්‍රපටය ක් සඳහා අයකළ විශාලතම මුදලය කියලයි බොලිවුඩ්  වලින් ආරංචි වෙන්නේ.

දීපිකා පද්මාවත් චිත්‍රපටයට ගත්තෙ කෝටි 13ක්. කරීනා වීර් ඩි වෙඩින් ෆිල්ම් එකට කෝටි 11ක් සහ අයිශ්වර්යා එයාගෙ අලුත් ෆිල්ම් එකට ඉල්ලපු ගණන කෝටි 10ක් විදියට වාර්තා වෙනවා.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS