කොලිවුඩ් නළු විජේගෙන් රන්මුදු !



දකුණු ඉන්දීය සුපිරි නළු විජේ, සිය නවතම සිනමා පටයේ නිෂ්පාදක කණ්ඩායමේ සියලු සාමාජිකයින් වෙත රන්මුදු තිලිණ කීරීමේ අපූරු පුවතක් කොලිවුඩයෙන් වාර්තා වේ.

විජේ ප්‍රධාන භූමිකාව නිරූපනය කරන ‘බිගිල්‘ සිනමා පටයේ 400 දෙනෙකුගෙන් සමන්විත නිෂ්පාදක කණ්ඩායම වෙත ඔහු මෙලෙස රන් තිලිණ ලබාදී ඇති බව සදහන්ය.

මේ වන විට 45 හැවිරිදි වියේ පසුවන විජේ දකුණු ඉන්දියාවේ වැඩිම ගෙවීමක් සහිත රංගන ශිල්පීන් අතරට අයත් වේ.ඔහුගේ නවතම සිනමා නිර්මාණය වන ‘බිගිල්‘ සිනමා පටයේ රූගත කිරීම් මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති අතර ලබන ඔක්තෝබර් මාසයේ එහි ප්‍රදර්ශන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

ඒ වෙනුවෙන් දායක වු සැම දෙනා අගයමින් හෙතෙම මෙලෙස රන් මුදු තිළිණ කර ඇතැයි පැවසේ.

විජේ මීට පෙර අවස්ථා කිහිපයක දී ද සිය චිත්‍රපට නිෂ්පාදක කණ්ඩායම් වෙත මෙලෙස රන් තිලිණ ලබා දී ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

( තිළිණි ද සිල්වා )
ටයිම්ස් නව් ඇසුරෙනි

RECOMMEND POSTS