කොංග්‍රස් පක්ෂයේ ප්‍රචාරණ කටයුතු සුරූපි නිළියකට



ඉන්දියාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂය, ඔවුන්ගේ ගිලිහුණු ජනප්‍රියත්වය යළි ළඟා කර ගැනීමේ අරමුණින්, අන්තර් ජාල හරහා සිදු කෙරෙන පක්ෂයේ ඩිජිටල් ප්‍රචාරණ කටයුතු සුරූපි ඉන්දීය නිළියක වන රම්‍යාට පැවැරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

34 හැවිරිදි රම්‍යා, කන්නාදා සිනමා නිර්මාණ අතර අතශයින් ජනප්‍රිය නිළියකි. එපමණක් නොව, ඇය 2012 වසරේ සිට කොංග්‍රස් පක්ෂය සමඟ එක් ව සිටින්නීය. රම්‍යා යන නමින් රසික හදවත් දිනා ගත් ඇය මේ වනවිට මන්ධ්‍යා ඡන්ද කොට්ඨාශය නියෝජනය කරන මන්ත්‍රීවරියක ද වන්නීය. ඇගේ ට්විටර් ගිණුම සමඟ සම්බන්ධ වී සිටින පිරිස 4,83,000 කි.

කොංග්‍රස් පක්ෂය නිවේදනය කර ඇති අන්දමට මින් ඉදිරියට පක්ෂයේ ෆේස්බුක්, ටිව්ටර් ආදී ප්‍රචාරණ කටයුතු සියල්ල ද රම්‍යාගේ අධීක්ෂණයෙන් සිදුවනු ඇත.

මීට පෙර කොංග්‍රස් පක්ෂයේ ඩිජිටල් ප්‍රචාරණ කටයුතු සිදු කළේ 39 හැවිරිදි ඩීපේන්දර් හෝඩාය. වසර පහක් තිස්සේ සියලු ඩිජිටල් ප්‍රචාරණ කටයුතු හෝඩා විසින් සිදු කළ බව පැවැසෙයි.

ඉන්දීය අගමැති මෝදි මෙන් නොව, රාහුල් ගාන්ධි ට්විටර් සමාජ ජාල වෙබ් සේවා භාවිතා කිරීමට වැඩි උනන්දුනක් නොදක්වයි. රාහුල් ට්විටර් ගිණුමක් මගින් අදහස් ප්‍රකාශ කිරීම ආරම්භ කළේ 2015 වසරේ දීය.

අගමැති මෝදි ටිවටර් ගිණුමක් මගින් ජනතාව සමඟ අදහස් හුවමාරු ආරම්භ කළේ ඊට වසර 6 කට පෙර සිටය. නව තාක්ෂණය භාවිතයට ගන්නා අගමැතිවරයකු ලෙස මෝදි ඉන්දියානුවන්ගේ පමණක් නොව, ජාත්‍යන්තරයේ ද ප්‍රසාදයට ලක් වී සිටී.

(එන්.ඩී.ටීවී)

 


RECOMMEND POSTS