කේට් මිඩ්ල්ටන්ගේ හපන්කම්



පොඩ්ඩන්ගේ ඇතැම් ප්‍රශ්නවලට පිළිතුරු දීම වැඩිහිටියන්​ට අභියෝගයන් වන අවස්ථා එමටය.

කෙසේ නමුත් බ්‍රිතාන්‍යයේ හැරී කුමරුන්ගේ බිරිඳ කේට් මිඩ්ල්ටන් ආර්යාවට එවැනි අභියෝගාත්මක ප්‍රශ්නවලට පිළිතුරු සැපැයීමේ කලාව ප්‍රගුණ කළ තැනැත්තියක බව විදෙස් මාධ්‍ය  වාර්තා කරයි.

පසුගිය දා කේට් මිඩ්ල්ටන් බටහිර ලන්ඩනයේ සෙයර්ස් ක්‍රොෆ්ට් පාසලේ සහ උද්‍යානයේ සංචාරයකට ගියාය. ඒ තනිවමය.

එහිදී අවුරුදු 6 ත් 7 ත් අතර පාසල් දරු දැරියෝ කේට් මිඩ්ල්ටන් වට කර ගත්හ.

එම අවස්ථාවට ඡායාරූප ශිල්පීන් බොහෝ දෙනකු ද පැමිණ සිටි අතර, ඔවුන් දිගට හරහට කේට්ගේ ඡායාරූප ගන්න විය.

කේට් අසලට පැමිණෙන කුඩා දරුවන් ද කේට් සමඟ ඡායාරූපයට නැගුණි. ඡායාරූප ශිල්පීන් නොසෑහෙන්න කේට් මිඩ්ල්ටන් ඡායාරූපයට නැගීම එහි සිටි එක් දැරියකට ගැටලුවක් වූ අතර ඇය නොබියව කේට්ගෙන් විමසා ඇත්තේ ඒ ඇයි කියාය.

කේට් ඊට පිළිතුරු දී ඇත්තේ ‘ඔවුන් මගෙත් ඔයාලාගේත් ඡායාරූප ගන්නේ අපි සුවිශේෂී නිසයි’ යනුවෙනි.

36 හැවිරිදි කේට් මිඩ්ල්ටන්ට පුතුන් දෙදෙනකු සහ දියණියකි. වැඩිමල් පුතු ජෝර්ජ් කුමරුය. ඔහුට අවුරුදු පහකි. දෙවැන්න්නා දියණිය චාලට් කුමරියයි. ඇයට අවුරුදු 3 කි. තෙවැනියා අලුතින් පවුලට එක් වුණු ලුවීස් කුමරුය. ඔහුගේ වයස තවමත් මාස 6 ක් පමණි.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS