කෙහෙල් කොළෙන් ඇඳුමක්



විශ්ව රූ රැජින කිරුළ වෙනුවෙන් මැලේසියාවෙන් ඉදිරිපත් වන සුරූපිනිය එරට ජාතික ආහාරය වන ‘නාසි ලෙමාක්’ අනුව හැඬ ගැන්වෙනු ඇති බවත්, ඇගේ ඇඳුමට කෙසෙල් කොළ යොදා ගන්නා බවත් ඇගේ ඇඳුම් නිර්මාණකරුවෝ කියති.

මැලේසියාවේ ජාතික ආහාර යැයි පැවැසෙන ‘නාසි ලෙමාක්’ එරට වැසියන්ගේ ප්‍රධානතම ආහාරය වෙයි.

බිත්තරයක්, බැදපු හාල්මැස්සන්, පිපිඤ්ඤා පෙත්තක්, පොල් සම්බෝල සමඟ බත් ඊට ඇතුළත් වන අතර මේ සියල්ල කෙසෙල් කොළයේ බැඳ ලබා දෙයි.

විශ්ව රූ රැජින කිරුළ වෙනුවෙන් එරට පැවැති රූ රැජින තරගාවලියෙන් ජයග්‍රහණය කළ සමන්තා, මේ මස අවසානයේ දී ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවර පැවැත්වෙන විශ්ව රූ රැජින තරගාවලියට ඉදිරිපත් වනු ඇත.

‘දැක්කාම ඩඩගිනි හැදෙන’ මෙම අපූරු ඇඳුම සම්බන්ධයෙන් මැලේසියානු වැසියන් අතරේ මේ වනවිට කසුකුසුවක් ද නිර්මාණය වී ඇත. එය ‘විකාරයක්’ යැයි බොහෝ දෙනා පවසා ඇති අතර, ඇතැමෙක් එය ‘අපූරුයි’ යැයි ද පවසා තිබේ.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS