කෙඩර්නාත් තහනමක්



තිරගත වීමට නියමිත ‘කෙඩර්නාත්’ බොලිවුඞ් චිත්‍රපටය ඉන්දියාවේ තහනම් කරන්නැයි ඉල්ලමින්, පාලක භාරතීය ජනතා පක්ෂ ජ්‍යෙෂ්ඨ නායක අජේන්ද්‍ර අජේ ඉන්දීය චිත්‍රපට සංස්ථාවට ලිපියක් යවා ඇත.

දැඩි හින්දු ජාතිකවාදියකු වන අජේන්ද්‍ර අජේ පෙන්වා දී ඇත්තේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත හින්දු නොවන බවත්, චිත්‍රපටයේ හින්දු දර්ශනයට ප්‍රමුඛත්වයක් නොලැබෙන බවත්ය.

‘කෙඩර්නාත්’ යනු ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ නගරකි. 2013 වසරේ හටගත් මහා ජල ගැලීමෙන් ‘කෙඩර්නාත්’ නගරය කේන්ද්‍ර කොට ගනිමින් සිදුවුණු මානව ඛේදවාචකය පසුබිම් කරගනිමින්, ඊට සමගාවීව දිවෙන ආදර කතාවක් චිත්‍රපටයට ඇතුළත් වෙයි.

‘කෙඩර්නාත්’ චිත්‍රපටය ලබන දෙසැම්බර් 7 වැනිදා සිට තිරගත වීමට නියමිතව ඇත. මෙය අභිෂේක් කපූර්ගේ අධ්‍යක්ෂණයකි. සාරා අලී ඛාන් සහ සුෂාන්ත් සිං රාජ්පුත් ප්‍රධාන චරිත නිරූපණය කරති.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS