කිම්ගේ නිවෙස බින්ද හොරු අසුවෙයි



ඉසුරුමත් දිවියක් ගතකරන ලෝක ප්‍රකට නිරූපිකාවක වන කිම් කර්ඩෑෂියන්ගේ පැරිසියේ පිහිටි නිවහනෙහි සිදුවූ දැවැන්ත මංකොල්ලය කාටත් අමතක නැහැ. වාර්තා වූ ආකාරයට එදා කිම්ගේ නිවසින් ඩොලර් මිලියන 11ක් වටිනා ස්වර්ණාභරණ අතුරුදන් වී තිබෙනවා.

පසුගිය සතියේ ප්‍රංශ පොලීසිය මේ මංකොල්ලයට සම්බන්ධ යැයි සැක කෙරෙන පුද්ගලයන් 17 දෙනකු අත්අඩංගුවට ගත්තා. එරට පොලිස් නිලධාරීන් පවසන්නේ අවුරුදු 23ත් 72ත් අතර වයස් කාණ්ඩවල පසුවන මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ පැරිස් නුවර විවිධ ස්ථානවලදී උදෑසන 6ට පමණ බවයි. සැකකරුවන්ගේ අනන්‍යතාව මීට වඩා හෙළි කිරීම අපහසු බවත් ඔවුන් පැවසුවා.
කිම් කර්ඩෑෂියන්ගේ පැරිසියේ පිහිටි නිවෙසින් මෙම ස්වර්ණාභරණ තොගය අතුරුදන් වූයේ පසුගිය ඔක්තෝබර් 3 දායි. කිම් තම නිවෙසෙහි සිටිද්දී එයට ඇතුළු වූ මංකොල්ලකරුවන් ඇයට පිස්තෝලයක් එල්ල කර නාන කාමරය තුළට දමා මේ මංකොල්ලය සිදුකර තිබුණා.

 

( තිළිණි ද සිල්වා )
ඩේලිමේල් ඇසුරෙනි...

 


RECOMMEND POSTS