කෑන්ස් හැඬ කළ සුන්දරියෝ



ප්‍රංශයේ ඉකුත් දා පැවති ලෝ ප්‍රකට සිනමා උළෙලක් වන කෑන්ස් සිනමා උළෙලේ රතු පලස බොලිවුඩ් තරු රැසක් බැබලවූ උත්සවයක් ලෙසින් ඉතිහාස ගත වී ඇත.

බොලිවුඩයේ ප්‍රවීන ,ජනප්‍රිය හා නවක නිළියන් වැඩිම පිරිසක් සහභාගී උත්සවය මෙවර  කෑන්ස් සිනමා  උළෙල වේ.

ප්‍රංශයේ සුප්‍රකට රූපලාවන්‍ය අලේපන නිෂ්පාදන සමාගමක් වන ලෝ-රියල් සමාගමේ සන්නාම කළමනාකාරියන් ලෙස සේවය කරන බොලිවුඩ් සුරූපිනියන් වන අයිශ්වර්යා රායි , සෝනම් කපූර් හා බොලිවුඩ සිහින තාරකාවිය වන දීපිකා පදුකෝන් , ශ්‍රැතී හසන් , බොලිවුඩ් සරාගිනී මල්ලිකා ෂරාවත් විවිධ විලාසිතා වලින් සැරසී මෙවර රතු පලස සිය සුරූපීභාවය කදිමට පෙන්නූ නිළියන් විය.

කෑන්ස් සිනමා උළෙලේ 15 වැනි වරටත් රතුපළස මත ගිය අයිශ්වර්යා සිය දියණිය වූ ආරධ්‍යා සමගින් එක්වීම තවත් විශේෂත්වයති.

එමෙන් ඇය ඇමෙරිකානු පොප් ගායිකා රිහානා සමඟින් ජාත්‍යන්තර ඡායාරූප ශිල්පීන් ගේ අවධානයට ලක්වූවාය.එසේම ඊට නොදෙවෙනි ලෙසින් දීපිකා පදුකෝන් ද කාන් සිනමා උළෙලට සහභාගී සියලු දෙනා ගේම සිත් ඇඳබැද ගත් බොලිවුඩ් සුරූපිනිය වූවාය.

තිළිණි දි සිල්වා
ගල්ෆ් නිවුස් ඇසුරිනි


RECOMMEND POSTS