කැප්ටන් මාවල් ජගත් කාන්තා දිනය සමරයි



කවුරුත් පුලපුලා බලා සිටින ‘ඇවෙන්ජර්ස්’ චිත්‍රපට මාලාවේ අවසානය ‘ඇවෙන්ජර්ස්: එන්ඞ් ගේම්’ චිත්‍රපටයට පෙර අද (8) ‘කැප්ටන් මාවල්’  ලොව පුරා තිරගත වෙයි. ඒ අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය සමරමිණි.

කැප්ටන් මාවල් සුපිරි වීරවරියකි. මාවල් චිත්‍රකතා චරිත ඇසුරින් නිර්මාණය වන සුපිරි වීරවරියක ප්‍රධාන චරිතයට පණ දෙන පළමු චිත්‍රපටය මෙය වීම විශේෂත්වයකි.

කැප්ටන් මාවල් හෙවත් කැරොල් ඩැන්වර්ස් සුපිරි බලයක් ඇති වීරවරියකි. කැප්ටන් මාවල්ගේ චරිතයට පණ පොවන්නේ ඔස්කාර් සම්මානලාභී බ්‍රී ලාසන්ය.

‘කැප්ටන් මාවල්’ චිත්‍රකතාවල සඳහන් වන ආකාරයට මෙන් නොව, මෙම ‘කැප්ටන් මාවල්’ චිත්‍රපටයේ ක්‍රී සහ ස්ක්‍රල් යන පිටසක්ළයන්ගේ ගැටුම වෙනස් ආකාරයකට ඉදිරිපත් කර තිබේ. එය මාවල් චිත්‍රකතා ලෝලීන්ට අලුත් අත්දැකීමකි.

එපමණක් නොව, තව සති 7 කින් තිරගත වන ඇවෙන්ජර්ස් එන්ඞ්ගේම් චිත්‍රපටයට කැප්ටන් මාවල් සම්බන්ධ වන ආකාරය, ෂීල්ඞ් ප්‍රධානී නික් ෆියුරිගේ ඇවෙන්ජර්ස් තණ්ඩායමට ඇවෙන්ජර්ස් යන නම යොදන ආකාරය, නික් ෆියුරිගේ ඇස අහිමි වන්නේ කෙසේ ද යන්න ආදී ප්‍රශ්න රැසකට පිළිතුරු කැප්ටන් මාවල් හරහා දකින්න ලැබේ.

ජූඞ් ලෝ, ජිමොන් හොන්සෝ, බෙන් මැඞ්ල්ෂොන්, ගෙමා චෙන්, කාලාක් ග්‍රෙග්, ඇනෙට් බීන් ආදීහු චිත්‍රපටයට එක් වී සිටිති. කැප්ටන් මාවල් ඇනා බෝඞ්න් සහ රයන් ෆ්ලෙක්ගේ අධ්‍යක්ෂණයකි.

 

 


RECOMMEND POSTS