කැනඩා අගමැතිට සමාන ගායකයෙක්



‘ඇෆ්ගන් ස්ටාර්’ යනුවෙන් නම් කළ දක්ෂ ගායක ගායිකාවන් තේරීමේ තරගයකට ඉදිරිත් වී සිටින ඇෆ්ගන් ගායකයකු පෙනුමින්, කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝට බෙහෙවින් සමාන බව විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.

අබ්දුල් සලාම් මෆ්තූන් නමැති 29 හැවිරිදි මෙම ගායකයා මේ වනවිට ‘ඇෆ්ගන් ස්ටාර්’ තරගාවලියේ අවසන් අට දෙනා අතරට තේරී පත් වී සිටින බව ද පැවැසෙයි.

අබ්දුල් සලාම් මෆ්තූන් සහ කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ දෙදෙනා රූපයෙන් සමාන බව මාධ්‍ය වාර්තා කළේ, දෙදෙනාගේ ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධියට පත් වීමත් සමඟය.

තමා කැනඩා අගමැති ටෘඩෝ ගැන කිසිවක් දැන නොසිටි බවත්, සමාජ ජාල ඔස්සේ ටෘඩෝ ගැන දැනගත් බවත් පෙනුමින් සමාන නිසා තමා දැන් අතිශය ජනප්‍රිය චරිතයක් වී ඇති බවත් අබ්දුල් සලාම් මෆ්තූන් පවසා ඇත.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS