කායවර්ධන ශිල්පියෙක් ඝාතනය කරලා



සුඩාන කායවර්ධන ශිල්පියෙක් වන මොහොමඩ් අබ්දුල්ලාටිෆ්, කටාර් අගනුවර පිහිටා ඇති අල්-සාද් ක්‍රිඩා සමාජ මූලස්ථානය ආසාන්නයේදි වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වේ.

මොහොමඩ් අබ්දුල්ලාටිෆ් මෝටර් රථ අනතුරනික් ජීවිතක්ෂයට පත් වී ඇති බව කටාර් ආරක්ෂක අංශ ප්‍රකාශ කළේය.

ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරඟවලියේ අවසන් පූර්ව වටයේ තරඟයක් වු එංගලන්තය - ස්විඩනය තරඟය නැරඹීමෙන් පසු කිසියම් පිරිසක් මොහොමඩ් අබ්දුල්ලාටිෆ්ට වෙඩි තබා ඝාතනය කර ඇති බවට ඥාතීන් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

කටාර් රාජ්‍යය දක්ෂ සුඩාන ක්‍රීඩකයන්ට පුරවැසිභාවය ලබාදී ජාත්‍යන්තර තරඟවලට ක්‍රීඩකයන් ඉදිරිපත් කිරීමට පසුගිය අවුරුදු කීපයේ කටයුතු කර ඇති බව වාර්තා වේ.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS