ක්‍රීඩක පැට් කමින්ස්ගේ පරිත්‍යාගය



කොවිඩ්-19’ වයිරස වසංගතය පාලනය කිරීම සඳහා ඉන්දියාව ගෙන යන වැඩසටහනට සහාය දක්වමින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක පැට් කමින්ස් ඇමෙරිකානු ඩොලර් 50,000 මුදලක් ඉන්දීය අගමැතිගේ අරමුදලට පරිත්‍යාග කර ඇත.

ඉන්දියාවේ මේ දිනවල පැවැත්වෙන අයි.පී.එල් තරගාවලියට සහභාගී වී සිටින පැට් කමින්ස් ෂාරුක් ඛාන්ගේ හිමිකාරීත්වයෙන් යුත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කරයි.

මෙවර අයි.පී.එල්. තරගාවලියට සහභාගී වී සිටින අනෙක් ක්‍රීඩකයන් ද ඒ සඳහා දිරිගන්වන බව මෙම පරිත්‍යාගය සිදු කරමින් පැට් කමින්ස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

තමන් පරිත්‍යාග කරන මුදල ප්‍රමාණවත් නොවුණත් එය කාටහෝ ප්‍රයෝජනවත් වනු ඇතැයි පැට් කමින්ස් සඳහන් කර ඇත.

අයි.පී.එල්. තරගාවලිය සඳහා 2020 වසරේ පැවැති වෙන්දේසිය සඳහා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පැට් කමින්ස් මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 15ක මුදලකට ය.

අයි.පී.එල්. තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයන් ඇතුළු සියලු දෙනා ජෛව බුබුළු සහ ‘කොවිඩ්-19’ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද දැඩිව අනුගමනය කළ යුතු ය.

මෙම ජෛව බුබුළු දැඩි පීඩාකාරී බව සහ පෞද්ගලික හේතු සඳහන් කරමින් මේ වනවිට ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් තිදෙනකු වන ඇන්ඩෘ ටයි, ඇඩම් සැම්පා සහ කේන් රිචඩ්සන් අයි.පී.එල්. තරගාවලිය අතරමග නවතා දම නැවත ඔස්ට්‍රේලියාව බලා ගොස් ඇත.

ඉන්දීය මාධ්‍ය ඇසුරිනි


RECOMMEND POSTS