කවරය උණුසුම් කළ පෙම් යුවළ



කවුරුත් පුලපුලා ආසාවෙන් බලා සිටින ‘හාෆ් ගර්ල් ෆ්රෙන්ඞ්’ චිත්‍රපටය තිරගත වීමට ඇත්තේ තව සති කිහිපයක් පමණි.

‘හාෆ් ගල්ර් ෆ්‍රෙන්ඞ්’ චිත්‍රපටයේ පෙම් යුවළ වන්නේ අර්ජුන් කපූර් සහ ශ්‍රද්ධා කපූර්ය.

මේ දිනවල මොවුන් දෙදෙනා බොහෝ කාර්ය බහුල බවත් චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවල නියැලෙන බවත් බොලිවුඞ් පුරයෙන් වාර්තා වේ.

නවතම ෆිල්ම් ෆෙයාර් සඟරාවේ කවරය ද හැඩ ගැන්වී ඇත්තේ අර්ජුන් කපූර් සහ ශ්‍රද්ධා කපූර් ගෙනි.

චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ  බිහාරී තරුණයකු වන මාධව් සහ වශවත් පවුලක තරුණියක වන රියා සොමානී වටාය. චේතන් භාගත්ගේ අතිශයින් ජනප්‍රිය නව නවකතාවක් ඇසුරින් නිර්මාණය වී ඇති ‘හාෆ් ගල්ර් ෆ්‍රෙන්ඞ්’ මැයි 19 වැනිදා සිට බොලිවුඩයේ පමණක් නොව, ලොව පුරා සිනාමාහල් රැසක තිරගත වනු ඇත.

(ෆිල්ම්ෆෙයාර් ඇසුරිනි)

 


RECOMMEND POSTS