කලා ක්ෂේත්‍රයේදී කාන්තාවන් ලිංගික පීඩාවලට ලක්වෙනවා - මැඩෝනා



තමන්ට කුඩා කළ සිටම විවිධ පුද්ගලයන්ගේ විවිධ බලහත්කාරකම් වලට මුහුණදීමට සිදුවූ බව සුපිරි පොප් ගායිකා මැඩෝනා ප්‍රකාශ කර තිබෙනවා. තමන් මේ වන විට ලබාගෙන ඇති සාර්ථකත්වය පිටුපස දැඩි වේදනාත්මක කතාවක් ඇති බවට ඇය ප්‍රකාශ කළාය.

පසුගියදිනක පැවති සම්මාන උළෙලකදීයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව ප්‍රකාශ කළාය. එහිදී ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ එම බලහත්කාරකම් අතර ලිංගික පීඩාවන්ද තිබූ බවයි.

තම ක්ෂේත්‍රයේ සිටින බොහෝ කාන්තාවන් තරුණියන් මෙම අත්දැකීම් වලට නිරතුරුවම මුහුණ දෙන බවද ඇය ප්‍රකාශ කළාය.කෙසේ වෙතත් යම් පිරිසක් මෙම අභියොග ජයගෙන ඉදිරියට පැමිණෙන බවත් බොහෝ දෙනෙක් මෙවැනි පහත් අත්දැකීම් හමුවේ කලාවෙන් ඉවත් වන බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

 

( තිළිණි ද සිල්වා )

ඩේලි මේල් ඇසුරෙනි....


RECOMMEND POSTS