කරන් ජොහාර් තරුණියන් අතරට



‘වෝග්’ ලෝ සුපතල විලාසිතා සගරාවකි. ‘වෝග් ඉන්දියා’ යනුවෙන් ඉන්දියාවේ පළ කෙරෙන වෝග් සඟරාවේ අලුත්ම කවරය හැඬ ගැන්වී ඇත්තේ, සුරූපිනියන් පිරිවරාගෙන සිටින කරන් ජොහාර්ගෙනි.

44 හැවිරිදි කරන් ජොහාර් බොලිවුඩයේ අතිශය ජනප්‍රිය අධ්‍යක්ෂවරයෙකි.

ඉන්දීය වෝග් සඟරාවේ 10 වැනි සංවත්සර සමරයි. ඒ නිමිත්තෙන් පළවුණු විශේෂ කලාපයේ සුරූපිනියන් පිරිවරාගෙන කරන් ජොහාර් ද සිටින අතර එහි සිරස්තලය ලෙස ලොකු අකුරින් සටහනක් යොදා ඇත්තේ ‘වසරේ තරුණියන්’ කියාය.

එය දුටු සැණින්, කරන් ජොහාර් තරුණියක් වුණේ කෙසේදැයි යන්න බොහෝ දෙනා විමසා ඇත. කෙසේ නමුත් ප්‍රධාන සිරස්තලයේ තවත් කොටසක් කුඩා අකරින් සටහන් කර ඇති අතර, එය බොහෝ දෙනාගේ අවධානයට ලක් වී නැත. කුඩා අකුරින් සටහන් කර ඇත්තේ ‘සහ අපි ආදරේ පිරිමි’ යන්නය.

ඒ අනුව, සම්පූර්ණ සිරස්තලය වන්නේ ‘වසරේ තරුණියන් සහ අපි ආදරේ පිරිමි’ යන්න බවත්, ඒ ගැන වැරදි අවබෝධයක් ඇතිකර ගත්තා නම් එය නිවැරදි කර කර ගත යුතු බවත් වෝග් කර්තෘ මණ්ඩලය ට්විටර් පණිවුඩයක් මගින් දන්වා තිබේ.

ඉන්දීය වෝග් සඟරාවේ 10 වැනි සංවත්සර වෙනුවෙන් පළ වුණු කලාපය වෙනුවෙන් තවත් කවර කිහිපයක් ද නිර්මාණය වී ඇත. ඒවායේ අනුෂ්කා ෂර්මා, ට්වින්කල් කන්නා, සෝනම් කපූර් පමණක් නොව බොලිවුඞ් රජු ෂාරුක් ඛාන් ද සිටිති.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS