කරන් ගේ නිවුන් දරුවන් කරළියට



බොලිවුඩයේ ජනප්‍රිය සිනමා අධ්‍යක්ෂකවරයෙකුවූ කරන් ජොහාර් ගේ නිවුන් දරුවන් දෙදෙනාගේ පළමු ඡායාරූපය ඉකුත්දා මාධ්‍ය හමුවේ එළි දැක්විණි.

‘‘මගේ ජීවිතයේ ආදරණීයන්‘‘ යනුවෙන් සඳහන් කරමින් කරන් සිය නිවුන් දියණිය සහ පුතණුවන් තම මව වූ හිරූ ජොහාර් මහත්මිය සමඟින් ආදරණිය ලෙස සිටින අයුරු දැක්වෙන් ඡායාරූපයක් සිය ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුමට එක් කීරීමත් සමඟ දැන් මේ ගැන බොලිවුඩයේ වැඩිපුර කතාවන්නට විය.

තමන්ට දාව කුළියට ගත් දරු ගැබක හදා වඩා ගත් මේ නිවුන් දරුවන් රූහි සහ යාෂ් ලෙසින් හඳුන්වන අතර ඔවුන් උපත ලැබුවේ ඉකුත් පෙබරවාරි මාසයේදීය.

( තිළිණි ද සිල්වා )

ෆිල්ම් ෆෙයාර් ඇසුරෙනි.


RECOMMEND POSTS