කමල් හසන් මහ රැජින හමුවෙලා



බොලිවුඩයේ හා කොලිවුඩයේ සුපිරි තරුවක වන කමල් හසන් පසුගියදා බකින්හැම් මාළිගයේදී බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින හමුවීමට අවසථතාව ලැබී ඇතැයි ඉන්දීය පුවත් වෙබ් අඩවි වාර්තා කරයි.

බ්‍රිතාන්‍යය සහ ඉන්දියාව අතර සංස්කෘතික සබඳතාවය වැඩිදියුණු කර ගැනීම වෙනුවෙන් වසරක් පාසා පවත්වන වාර්ෂික උත්සවයක් පවත්වන අතර  එහිදී කමල් හසන්ට මෙලෙස එළිසබෙත් රැජින හමුවීමේ වරම් ලැබී ඇත.

මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමට ඡායාරූපයක් හා සටහනක් එක් කරමින් කමල් හසන් සඳහන් කර තිබුනේ  එළිසබෙත් රැජින හා එඩින්බර්ග් ආදිපාදවරයා හමුවන්න ලැබීම තමාට ලොකු ගෞරවයක් බවය.

ඉන්දියාව සහ බ්‍රිතාන්‍යය අතර ශක්තිමත් සම්බන්ධයක් පවතින බව තමාට අවබෝධ වුණැයි කමල් හසන් වැඩි දුරටත් කියා සිටී.

දෙවැනි එළිසබෙත් රැජින අවසන්වරට ඉන්දියාවේ සංචාරට කර ඇත්තේ 1997 වසරේ ඔක්තෝබර් මාසයේදීය ,එහිදි ඇය එම්.ජී.ආර් සිනමා ගම්මානයක සංචාරයට එක්වීමට අමතක නොකළාය.

තිළිණි ද සිල්වා
ෆිල්ම් ෆෙයාර් ඇසුරෙනි.


RECOMMEND POSTS