කත්‍රිනාට සුබ උපන් දිනයක්



බොලිවුඩ් සුරූපිනී කත්‍රිනා කයිෆ් අද (16) 37 වැනි උපන් දිනය සමරයි.

සමාජ මාධ්‍ය හරහා කත්‍රිනාගේ බොලිවුඩ් යහළු යෙහෙළියන් ඇයට සුබ පැතුම් එක් කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසා තිබේ.

සුබ පැතුම් එක් කළ පිරිස අතර සල්මාන් ඛාන්, අනුෂ්කා ෂර්මා, ආලියා භාත්, දීපිකා පදුකෝන්, සෝනම් කපූර් සහ විකී කෞෂල් කැපි පෙනෙයි.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් කත්‍රිනා ඇගේ මුම්බායි නුවර නිවසට  සීමා වී සිටින බව පැවැසෙයි. ඒ ඇගේ සොහොයුරිය ඉසබෙල් ද සමඟය.

ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ කත්‍රිනා ට සිටින රසික රසිකාවියන් ගණන මිලියන 40 කි. ඔවුන් හැමෝම ඇයට සුබ උපන් දිනයක් ප්‍රාර්ථකා කළ බව ද පැවැසෙයි.

හින්දුස්ථානී ටයිම්ස් ඇසුරිනි


RECOMMEND POSTS