කත්‍රිනාගේ දරු සුරතල්



කුඩා දරුවෙකු නිසා හිත උණු වී ගිය අපූරැ බොලිවුඩ් නිළියකට ඉකුත් ට්විටර් සමාජ ජාල සේවා ඔස්සේ උණුසුම් ප්‍රතිචාර ලැබීමේ සිද්ධියක් පසුගියදා වාර්තා විණි.

මේ අපූරු සිද්ධියට මුහුණ දුන්නේ බොලිවුඩ් සුරෑපිනී කත්‍රිනා කායිෆ්ය.

ඇයගේ නවතම චිත්‍රපටය වන "ටයිගර් සින්දා හේ " යන චචිත්‍රපටයේ  රෑගත කිරීම් වලට සහභාගී වී යළි මුම්බායි නුවරට පැමිණි අවස්ථාවවේදී ඇයට අපූරැ සිගිත්තියක හමුවී ඇත.එහිදී එම කුඩා දැරිය සමග වඩාත් කුළුපග වන කත්‍රිනා ඇයව සුරතල් කිරීමට අමතක නොකළාය.

අවසානයේ ඇයව වඩා ගෙන ගොස් සුරතල් කරන කත්‍රිනා ,සෙල්ලම් බඩු පෙන්වා ඒවා අවශ්‍ය දැයි දැරියගෙන් විමසා සිටියේය.කුඩා දැරියද සු⁣රතල් වෙමින් ඒ සියලු සෙල්ලම බඩු තමන්ට අවශ්‍ය බව සදහන් කර ඇත.

කුඩා දැරියගේ එම ප්‍රකාශයෙන් හිත උණු වී ගිය කත්‍රිනා ඇයට එම දැරිය කැමති සියලුම සෙල්ලම් බඩු අරන් දීමට අමතක නොග
කළාය.⁣කත්‍රිනා ගේ මෙම සද් ක්‍රියාව බලන් සිටි ඇයගේ චිත්‍රපටයේ  අධ්‍යක්ෂ අලි අබ්බාස් සෆර් විසින් මෙම සිද්ධිය වීඩියෝ ගත කර එය ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිය එක් කිරීමට අමතක නොකළේය.

එහිදී කත්‍රිනා ගේ ක්‍රියාකලාපය ගැන බොලිවුඩයේ තරු පමණක් නොව සමස්ත ඉන්දියානු ට්විටර් පරිශීලකයින්ගේ ප්‍රශංසාව  දැන් කත්‍රිනාට හිමිව ඇත.

(තිළිණි ද සිල්වා)
ඩෙකෑන් ක්‍රොනිකල් ඇසුරෙනි.


RECOMMEND POSTS