ඕස්ටේ‍්‍රලියා ගොවීන් හමුවෙති



ඕස්ටේ‍්‍රලියාවේ නිල සංචාරයක යෙදෙන බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි හැරී කුමරු සහ මේගන් මාකෙල් හෙවත් සසෙක්ස් ආදිපාදවරිය, එරට නිව්සවුත් වේල්ස් ප‍්‍රාන්තයේ සංචාරය කළහ.

හැරී සහ මේගන් යුවල පැමිණියේ නිව් සවුත් වේල්ස් හි ඩූබෝ නමැති පිටිසරබද නගරයටය. ඩුබ්බෝ වැසියෝ පසුගිය මාස කිහිපය පුරාවට දැඩි නියං කාලගුණයකින් පීඩාවට පත් වී සිටියහ.

මේ වනවිට නියං සමය අඩුවී ගොස් වැසි ඇද හැලීම ආරම්භ වී ඇත. තමන් උණුසුම් ලෙස පිළිගත් ඩූබෝ නුවර ගොවීන් අමතමින් හැරී කුමරු විශේෂ කතාවක් කළේය. එම අවස්ථාවේදී ද වැස්සක් ඇද හැලෙන්න වූ අතර, මේගන්, හැරී කුමරු අසල රැුඳී සිටියේ ඔහුට කුඩයක් අල්ලමිනි.

2003 වසරේ දී හැරී කුමරු,  ඕස්ටේ‍්‍රලියාවේ ක්වීන්ස්ලන්ඞ් ප‍්‍රාන්තයේ ගොවිපොළක, ගොපල්ලකු ලෙස කටයුතු කර ඇත. ගොවිපොල ජීවිතය කෙබඳුදැයි තමන් හොඳින් දන්නා බව ඩූබෝ නුවර ගොවිපොල හිමිකරුවන් හමුවෙමින් හැරී කුමරු පවසා ඇත.

(ඒ.එෆ්.පී./ඬේලිමේල්)

 


RECOMMEND POSTS