ඔබාමා නත්තලට තෑගි බෙදලා



ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා, කවුරුත් පුදුමයට පත් කරමින් හිටිහැටියේ වොෂින්ටන් නුවර ළමා රෝහලට ගොස් රෝගී දරුවන් හමුවී ඔවුන්ට තෑගි බෙදා දුන්නේය.

හිටපු ජනපති ඔබාමා, නත්තල් සීයා කෙනකු ලෙස සැරැසී නොසිටි නමුත්, ඔහු නත්තල් සීයාගේ තොප්පිය පැළැඳ සිටියේය. ඔබාමා රෝහලට ඇතුළු වූයේ තෑගි මල්ල කරේ තියාගෙනය.

ඔබාමා දැක රෝහගේ සිටි රෝගී දරුවන්, ඔවුන්ගේ මාපියන් පමණක් නොව වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය ද පුදුමයට පත්වුණු බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කර තිබුණි.

ඔබාමා රෝහලට පැමිණෙන දසුන් සහ තෑගි බෙදා දෙන දසුන් මේ වනවිට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී අවසන්ය. රෝගී දරුවන් හමුවී ඔවුන්ගේ සුවදුක් විමසූ ඔබාමා ඉතා හැඟීම්බර වුණැයි ද විදෙස් පුවත් සේවා වැඩි දුරටත් සඳහන් කර ඇත.

බැරැක් ඔබාමා මීට පෙර 2014 වසරේ දී ද මෙම රෝහලට මේ අයුරින් පැමිණ තෑගි බෙදා ඇතැයි ඇමෙරිකන් පුවත් මතක් කර දෙයි ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වුණු පළමු කළු ජාතික ජනාධිපතිවරයාය. ඩිමොක්‍රටික් පාක්ෂික ඔබාමා ජනාධිපති ධුරයේ කටයුතු කළේ 2009 සිට 2017 තෙක් කාලයේය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS