එලේනාගේ සොඳුරු මතක



ලොව සොදුරු තැන් බලමින්, විනෝද වෙමින්, මතක සටහන් ඇතුළත් ඡායාරූප නිරන්තරයෙන් ඉන්ටග්‍රෑම් ආදී සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කරන සුරූපිනියක වන්නේ එලේනා දි කෲස් ය.

ඊයේ (22) ජගත් මිහිතල දිනයට සමගාමීව එලේනා, ඇය පරිසරයේ සුන්දරත්වය විදිමින්, විනෝදවෙමින්, නිදහසේ ගත කළ අපූරු ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධි කළාය.

පරණ ඡායාරූප වුවත් ඇතැම් ඒවාට අලුතින් 'ලයික්' වැටෙන්න වූ අතරම, ඉන්දීය මාධ්‍ය ඒවාට ලොකු ප්‍රසිද්ධියක් පවා ලබා දුන්නේය.


එලේනා මාලදිවයිනේ, ෆීජි දූපතේ සුන්දර මුහුදු වෙරළේ ගත කරන දසුන් සහ පැහැදිලි මුහුණේ කිමිදි විනෝද වන අයුරු මෙම ඡායාරූපවලට ඇතුළත්ය.

අවසන් වරට එලේනාගේ රංගනයක් දකින්න ලැබුනේ 'ද බිග් බුල්' චිත්‍රපටයෙනි. එහිදී ඇය රංගනයෙන් එක් වූයේ අභිෂේක් භච්චන් සමඟය. 'ද බිග් බුල්' චිත්‍රපටයට පාදක වූයේ 1992 වසරේ කොටස් වෙළෙදපොළ මහා වංචා රැසක් රහසේ සිදු කළ හර්ෂාද් මෙත්තා ඇසුරිනි.

හර්ෂාද් මෙත්තාගේ චරිතයට පණ පොවන්නේ අභිෂේක් භච්චන් වන අතර චිත්‍රපටයේ මාධ්‍යවේදිනියක ලෙස රංගනයේ යෙදෙන්නේ එලේනාය. එලේනා දි කෲස් වඩාත් ජනප්‍රිය තරුවක් බවට පත්වූයේ 'බාර්ෆි පතා පෝස්ටර් නික්ලා හීරෝ', 'රුස්තම්', 'බාද්ෂාහෝ', 'මුබාරකන් ඇන්ඩ් හැපි එන්ඩිං' ය.

1986 නොවැම්බර් පළමු වැනිදා උපන් එලේනා, බොලිවුඩ් සහ තෙළිගු සිනමා නිර්මාණවලට දායක වී ඇත. ඇය නිරූපිකාවක් ලෙස ද කටයුතු කර තිබේ. එලේනා උපන්නේ සහ හැදී වැඩුණේ ගෝවහිදීය.

ඇගේ පළමු සිනමා නිර්මාණය 'දේව්දාසු' ය. මෙය තෙලිගු චිත්‍රපටයකි. මෙය සාර්ථක චිත්‍රපටයක් වූ අතර, ෆිල්ම්ෆෙයාර් සිනමා සම්මාන උළෙලේ හොදම නවක නිළියට හිමි සම්මානය ද ඇය දිනා ගත්තාය.

'පොක්රි', 'ජල්සා', 'කික්' සහ සිනමා අධ්‍යක්ෂ ශංකර්ගේ 'නන්බාන්' චිත්‍රපටයට එලේනා රංගනයෙන් එක් වූවාය. ඇගේ පළමු හින්දි චිත්‍රපටය අනුගාර් බාසුගේ 'බාර්ෆි' ය. 'මේන් තෙරා හීරෝ' සහ 'රේඩ්' ද එලේනා රංගනයෙන් එක් වුණු බොලිවුඩ් සිනමා නිර්මාණය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS