එල්සා-ආනා දෙවැනි වික්‍රමය



ලොව ලොකු කුඩා කවුරුත් ආදරයෙන් වැළඳගත් සජීවීකරණ සිනමාපටයක් ලෙස ‘ෆ්රෝසන්’ හැඳින්විය හැකිය. ‘ෆ්රෝසන්’ ඩිස්නි චිත්‍රපටයකි.

අපූරු සංගීතයෙන් සහ ගීතවලින් හැඬ ගැන්වුණු, හිම කුමරියක වන එල්සාගේත්, ඇගේ සොහොයුරිය ආනාගේත් වික්‍රම රැගත් ‘ෆ්රෝසන්’ චිත්‍රපටය තිරගත වූයේ 2013 දීය.

ෆ්රෝසන් චිත්‍රපටයේ එල්සා සහ ආනා සොයුරියන් ලොකු කුඩා කා අතරේත් එකසේ ප්‍රසිද්ධ විය.

‘ෆ්රෝසන්’ චිත්‍රපටයේ ‘ලෙට් ඉට් ගෝ’ ගීතය නොදන්නා කෙනකු නොමැති තරම්ය.

‘ෆ්රෝසන්’ චිත්‍රපටයේ සාර්ථකත්වයත් සමඟ කුඩා වීඩියෝ චිත්‍රපට කීපයක් ද නිර්මාණය විය. ‘ෆ්රෝසන්’ චිත්‍රපටයේ දෙවැනි කොටස ‘ෆ්රෝසන් 2’ ලබන නොවැම්බර් 22 වැනිදා සිට ලොව පුරා තිරගත වෙයි.

එල්සා, ඇනා, ක්‍රිස්ටෝෆ්, හිම මිනිසා ඕලෝෆ් සහ ඔවුන්ගේ හිතවත් පිනි මුවා ස්වෙන් ඔවුන්ගේ ඇරැන්ඬේල් රාජධානියෙන් නික්ම වික්‍රමයක යෙදෙති. ඒ, සදාකල් ගිම්හානය රැදී ඇති ලොවෙන් හුදෙකලා වී සැඟවුණු මැජික් පිරි දේශයකට පිවිසෙමිනි.

එල්සා සතු බලය සහ එම බලය ඇයට උරුම හැටි ‘ෆ්රෝසන් 2’ චිත්‍රපටයට පාදක වෙයි.

සුපුරුදු පරිදි ආනා ලෙස ක්‍රිස්ටන් බෙල්, එල්සා ලෙස අයිඩිනා මෙන්සෙල් හඬ නිළයෝ ලෙස චිත්‍රපටයට එක් වී සිටිති.

සෙසු හඬ නළු නිළියන් වන්නේ ජොනතන් ග්‍රොෆ්, ස්ටර්ලිං බ්‍රවුන්, ජෝෂ් ගැඞ්ය. පළමු චිත්‍රපටය සේම, දෙවැනි ෆ්රෝසන් චිත්‍රපටය ද ක්‍රිස් බක් සහ ජෙනිෆර් ලීගේ අධ්‍යක්ෂණයකි.

ලුසිත ජයමාන්න


RECOMMEND POSTS