එක් රැයින් ජනප්‍රිය වුණ තරුව



එක රැකයකින් ජනප්‍රිය වූ සුරූපී තරුණියක් පිළිබඳව මේ දවස්වල බොලිවුඩයේ හැම දෙනාගේම අවධානය යොමුව තිබෙනවා.ඇයගේ සිත් බඳනා හැඩරුවට දැන් කොයි කවුරුත් වශී වෙලා.

ඇය වෙන කවුරුවත් නෙවි සුපිරි නළු ශාරුක් ගේ ආදරණීය දියණිය සුහානාටයි.මෙලෙසසුහානා තම පියා සමඟ රාත්‍රී  උත්සවයකට සැරසී පැමිණ සිටි ඇඳුම පිලිබඳව ද බොහෝදෙනෙකුගේ අවධානයට යොමුව තිබෙනවා.

ඒ තමන්ගේ අම්මා වුණු ගෞරි ඛාන්  විසින් මුම්බායි හි අලුතින් විවෘත කළ නවීන පන්නයේ පහසුකම් වලින් සමන්විත ආපනශාලාවක් විවෘත කිරීමේ අවස්ථාවේදී.ඒ උත්සවයට බොලිවුඩ් තරු රුසක් පැමිණියත් ඒ හැමදෙනාම පරදවා වැඩි අවධානයක් යොමු කර ගත්තේ සුහානායි.

ඇතැමුන් මත පළකරන්නේ ඉදිරියේදී ඇයද සිනමාවට එක්වන බවටයි.

( තිළිණි ද සිල්වා )

ෆිල්ම්ෆෙයාර් ඇසුරෙනි.


RECOMMEND POSTS