එක රෑනේ තරු !



 

( තිළිණි ද සිල්වා )

ෆිල්ම්ෆෙයාර් ඇසුරෙනි.....

තාත්තලා අම්මලා රංගන ක්ෂේත්‍රෙය් යාළුවෝ වෙන කොට එයාලගේ දරුවන්ටත් යාළු නොවී ඉන්න බැහැ නේ. ඔන්න ඊයේ පෙරේදා අපිට ආරංචි වුනා බොලිවුඩ් තරු යුවළකගේ දරුවෝ ඔය කියන යාළු මිත්‍රයින් වෙලා.

ඒ බොලිවුඩ් සුරූපිනි අයිශ්වර්යා හා සුපිරි තරු අභිෂේක්ගේ දියණිය ආරාධ්‍යා බච්චන් සහ සුපිරි නළු අමීර් ඛාන් හා සිනමා අධ්‍යක්ෂිකා කිරන් රාඕගේ පුත් අශාඩ් රාඕ ඛාන් දෙදෙනා නර්තනයෙන් දායක වන වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලය තුළ වැඩි දෙනෙකුගේ අවධානය දිනාගෙන ඇති පුවතක් වාර්තා වේ.

මෙසේ ආරධ්‍යා හා අශාඩ් දෙදෙනා නර්තනයෙන් දායක වී ඇත්තේ ඔවුන් පෙරපාසල් අධ්‍යාපනය ලබන මුම්බායි හි ලිටිල්රෝස්’ පෙර පාසලේ වාර්ෂිකව පැවැත්වෙන ප්‍රසංගයේදී බව සඳහන් වේ.

මෙම ප්‍රසංගය නැරඹීමට අයිශ්වර්යා, අභිෂේක් බච්චන් මෙන්ම අමීර් හා කිරන්ද පැමිණි සිටි බව වාර්තා විය.


RECOMMEND POSTS