උපන් දිනය සමරමින් පැස්ටා බෙදූ පුංචි කුමාරි



බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු සහ කේට් මිඞ්ල්ටන් හෙවත් කේම්බි‍්‍රජ් ආදිපාදවරියාගේ දියණිය චාලට් කුමරියගේ පස්වැනි උපන් දිනය අද (2) ට යෙදී තිබුණි.

‘කොවිඞ් 19’ වයිරස වසංගතය හේතුවෙන් මහා බි‍්‍රතාන්‍යය මේ වනවිට ලොක්ඩවුන් කර ඇති අතර, විලියම්, කේට් සහ දරුවන් රැඳී සිටින්නේ නෝෆෝක් හි දෙවැනි එලිසබත් රැජිනට අයත් සැන්ඩි‍්‍රන්හැම් වතුයායේ පිහිටි ඇමර් හෝල් මන්දිරයේය.

‘කොවිඞ් 19’ වසංගතය හේතුවෙන් උපන් දින සාදයක් නොපැවැත් වුණු අතර, කේට් මිඞ්ල්ටන් ආදිපාදවරිය සහ සේවක මණ්ඩලය සකස් කළ පැස්ටා කෑම පාර්සල් සැන්ඩි‍්‍රන්හැම් වතුයාය අවට පදිංචිකරුවන්ට බෙදා දීම සිදුවිය.

එය සිදුවූයේ ද උපන් දින කුමරිය චාලට්ගේ සහාය ඇතිවය.

ලන්ඩනයේදීය (ඬේලිමේල්)


RECOMMEND POSTS