උඩුගුවනේ විවාහ යෝජනාව



ජොර්දානයේ අම්මාන් නුවර සිට ඩුබායි නුවර දක්වා දිනපතා පියාසර කරනු ලබන ජෝර්දාන් රාජකීය ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගුවන් නියමුවකු ගුවන් ගමන අතරවාරයේදි සිය පෙම්වතියට විවාහ යෝජනාවක් කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වාර්තා කළේය.

“මට අද විශේෂ දවසක්, මගේ පෙම්වතියත් ගුවන්යානයේ ඉන්නවා’’ යනුවෙන් ගුවන්යානයේ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් සියළුම ගුවන් මඟීන්ට ඇසෙන පරිදි ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ගුවන් නියමුවා පෙම්වතියට විවාහ යෝජනාව කර ඇත.

සියළුම ගුවන් මඟින් අත්පොළසන්දෙමින් ප්‍රීතිමත් විවාහ ජීවිතයකට සුභ පැතුම් එක්කළ අතර ගුවන් මඟින්ට ස්තූතිය ප්‍රකාශ කරමින් රසකැවිලි බෙදා දීමට ගුවන් නියමුවා කටයුතු කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS