ඉන්දීය සිනමාවේ ඉහළම සම්මානයත් බච්චන්ට



විශිෂ්ට ඉන්දීය නළු අමිතාබ් බච්චන්ට ඉන්දීය සිනමාව වෙනුවෙන් කළ කාර්ය භාර්ය අගයා පිදෙන ඉහළම සම්මානය වන 'දදාසාහෙබ් පල්කේ' සම්මානය පිරිනමා ඇත.

එරට ජනාධිපති රාම්නාත් කෝවින්ද්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති මන්දිරයේ පැවති උත්සවයකදී සම්මානය පිරිනැමිණ. නවදිල්ලි අගනුවර ජනාධිපති මන්දිරයේ පැවති උත්සවයට අමිතාබ් බච්චන්ගේ බිරිඳ වන ප්‍රවීණ සිනමා නිළි ජායා බච්චන් සහ ඔහුගේ පුත් අභිෂේක් බච්චන් ද එක්ව සිටියේය.

ඉන්දීය සිනමාවේ අභිවෘද්ධිය උදෙසා බොලිවුඩ් කලාකරුවන්ට 'දදාසාහෙබ් පල්කේ' සම්මානය පිරිනමනු ලැබේ. අදාළ සම්මානය සෑම වසරකම පිරිනමන අතර අමිතාබ් බච්චන්ට මෙවර එය පිරිනැමුණේ ඔහු සමස්ත ඉන්දියාවේ ජනප්‍රියම රංගන ශිල්පියා ලෙස ද නම් කරමිනි.

70 දශකයේ මුල් භාගයේ සංජීර් චිත්‍රපටයේ විශේෂ චරිත නිරූපණයෙන් පසු, රසිකයන් බච්චන් දේවත්වයෙන් සැළකිණි. 2007 වසරේදී  බීබීසී නාලිකාව සිදු කළ මත විමසුමක දී සහශ්‍රයේ ශ්‍රේෂ්ඨතම තරුව ලෙස ඔහු තේරී පත්විය. මෙවැනි විශිෂ්ඨතා රැසකින් සමන්විත අමිතාබ් බච්චන් ලන්ඩනයේ මැඩම් ටුසෝඩි කෞතුකාගාරයේ ඉටි පිළිමයකට නැඹුරු ප්‍රථම ඉන්දීය සිනමා නළුවා ද බවට ද පත්වූයේ ඔහුගේ විශිෂ්ඨත්වය තවදුරටත් ලොව හමුවේ ප්‍රදර්ශනය කරමිනි.

( තිළිණි ද සිල්වා)
හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරෙනි.

RECOMMEND POSTS