ඇවෙන්ජර්ස් බලලා මැරිලා



ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ මාවල් චිත්‍රකතා වීරයන්ගේ එකමුතුව ‘ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝර්’ චිත්‍රපටය නරඹමින් සිටිද්දී ඉන්දීය සිනමාලෝලියකු මියයෑමේ පුවතක් ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

මියගොස් ඇත්තේ පෙඩාපසුපුලා බාෂා නමැති තරුණයකු බව පැවැසෙයි. මොහු මියගොස් ඇත්තේ චිත්‍රපටය අවසානයේ සුපිරි වීරයන් බොහෝ දෙනකු මියයෑමත් සමඟ හටගත් කම්පනය නිසා බව මේ වනවිට හෙළි වී ඇත. බාෂා හෘද රෝගියකු බව මරණය පරීක්ෂණයේදී තහවුරු වුණු බව පොලිසිය කියයි.

මේ වනවිට ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝර් චිත්‍රපටය ලොව පුරා තිරගත වෙන්නේ ආදායම් වාර්තා බිඳ දමමින් වාර්තා පිහිටුවමිනි. ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝර් පළමු කොටස වන අතර, දෙවැනි කොටස ලබන වසරේදී තිරගත වනු ඇත. ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝර් හින්දියෙන් හඬ කවා ඉන්දියාවේ තිරගත වෙයි.

(ටයිම්ස් ඔෆ් ඉන්දියා)


RECOMMEND POSTS