ඇමෙරිකාවේදී ප්‍රියංකාට ඇබැද්දියක්



ඇමෙරිකාවේ නිව්යෝක් නුවර රූගත කිරීමදී බොලිවුඞ් සුරූපිනී ප්‍රියංකා චොප්රා අකරතැබ්බකට මුහුණ දුන් බව වාර්තා වේ. ඒ, ‘කොන්ටිකෝ’ රූවාපාහිනී කතාමාලාවේ රූගත කිරීම් සිදුවෙද්දී අනතුරකට ලක්වීමෙනි.

කෙසේ නමුත් ප්‍රියංකාගේ තත්ත්වය බරපතල නොවන බවත්, ඇයට දින කිහිපයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවනු ඇති බවත් වාර්තා වේ.


34 හැවිරිදි ප්‍රියංකා චොප්රා ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල අතිශයින් ජනප්‍රිය වූයේ ද මෙම ‘කොන්ටිකෝ’ නමැති රූපවාහිනී කතාමාලාවෙනි. ඒ.බී.සී. නාලිකාවේ නිෂ්පාදනයක් වන ‘කොන්ටිකෝ’ කතා මාලාවේ ඇය චරිත නිරූපණය කරන්නේ එෆ්.බී.අයි. පරීක්ෂක ඇලෙක්ස් පැරිෂ්ගේ චරිතයයි. 


‘කොන්ටිකෝ’ පළමු කතාමාලාව අතිශයින් ජනප්‍රිය වීමත් සමඟ එහි දෙවැන්න මේ වනවිට නිර්මාණය වෙමින් පවතින අතර එහි පළමු කොටස් කිහිපය තිරගත වී අවසන්ය. ප්‍රියංකා රෝහල් ගතව සිටින නිසා ඇය නොමැති අඩුව මඟහරවා ගැනීමට කතාමාලාවේ පිටපත කිහිප වරක් වෙනස් කිරීමට ද නිර්මාණකරුවන්ට සිදුවී ඇතැයි ද වාර්තා වේ.

(එන්.ඩී.ටීවී. ඇසුරිනි)


RECOMMEND POSTS