ආලියා-රන්බීර් විවාහයට දින නියම වේ



වර්තමානයේ බොලිවුඩයේ සිටින ජනප්‍රියතම පෙම්වතුන් යුවළ වන ආලියා භාට් හා රන්බීර් කපූර් විවාහයේ දින නියම වී තිබෙන බව බොලිවුඩ් ආරංචි මාර්ග සදහන් කර සිටී.

ඔවුන් දෙදෙනා ලබන වසරේ ජනවාරි 22 වැනිදා සිය විවාහය සිදු කිරීමට නියමිතව ඇති බවයි සදහන් කරන්නේ.මේ දෙදෙනා අතර සිදුවන විවාහයට ආලියාගේ දෙමව්පියන් සහ රන්බීර් ගේ දෙමව්පියන්ගේ ආශිර්වාදය උපරිමයෙන්ම ලැබී ඇතැයිද වාර්තාවේ

ඔවුන්ගේ, විවාහ මංගල්‍යය උත්සවශ්‍රියෙන් ජෝදාපූර්හි හා කාශ්මීර් හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. කපූර් පවුලෙන් මාධ්‍යට වාර්තා කර තිබෙන්නේ මෙය ඉතා සුබ නැකත් දිනයක් බවයි.

( තිළිණි ද සිල්වා )

හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS