ආලියා භාත් දොස් කියලා



බොලිවුඞ් නිළි අයිස්වර්යාගේ පියා ක්‍රිෂන්රාජ් රායිගේ අවමංගල්‍යය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට සහ සමාජ ජාල භාවිතා කරන්නන්ට දොස් පැවැරීමට බොලිවුඞ් නිළි ආලියා භාත් කටයුතු කර ඇතැයි ඉන්දියාවේ එන්.ඩී.ටීවී. පුවත් සේවය වාර්තා කරයි.

ආලියා මෙසේ දොස් නගා ඇත්තේ තනිවම නොව, ඇගේ වැඩිමල් සොහොයුරිය ෂහීන් භාත් ද හවුල් කර ගනිමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිණි.

අයිස්වර්යාගේ පියාගේ අවමංගල්‍යය දා, බොලිවුඞ් නළු නිළියෝ රැසක් අවසන් ගෞරව දැක්වීමට පැමිණියාහ.
බොලිවුඞ් රජු ෂාරුක් ඛාන්, අයිස්වර්යාගේ මාමණ්ඩිය අමිතාබ් භච්චන් පමණක් නොව බොලිවුඩයේ නවක නළු නිළියෝ රැසක් ද ඒ අතර වූහ.

ඉන්දීය ඕපාදූප මාධ්‍ය පුවත් සේවා පමණක් නොව සමාජ ජාලවල පවා වාර්තා කළේ එම නළු නිළියන් ගැනත් ඔවුන්ගේ ඇඳුම් පැළැඳුම් ගැනත් වැඩි අවධානයක් යොමු කරමිණි.

ආලීයා සහ ෂහීන් චෝදනා කර ඇත්තේ එම මාධ්‍ය අභාවප්‍රාප්ත ක්‍රිෂන්රාජ් රායි ගැන කිසිදු තැකීමක් නොකළ බවටය. එය අතිශයින් හැඟීම් බර ශෝකජනක අවස්ථාවක් වුවත්, මාධ්‍ය සහ සමාජ ජාල ඒ ගැන කිසිදු තැකීමක් නොකළ බවත්, සාදයකට සහභාගී වූ නළු නිළියන් මෙන්, අවමංගල්‍යයට ආ නළු නිළියන්ගේ ඡායාරූ ප්‍රසිද්ධ කළ බවත් ආලියා වැඩි දුරටත් කියා සිටී.

එන්.ඩී.ටීවී ඇසුරිනි

 


RECOMMEND POSTS