ආනෝල්ඞ්ට සුබ උපන් දිනයක්



හොලිවුඞ් සිනමාවේ සදා අමරණීය ක්‍රියාදාම නළුවකු වන ආන්ලෝඞ් ස්වාසනගර් අද (30) සිය 72 වැනි උපන් දිනය සමරයි.

ආනෝල්ඞ් උපතින් ඔස්ට‍්‍රියානුවෙකි. ආනෝල්ඞ් උපත ලැබුවේ ඔස්ට්‍රියා තාල් පළාතේය. කුඩා කළ සිට කැපවීමෙන් කාය වර්ධනයට ආසා කළ ආනෝල්ඞ් අයෝමය පුරුෂයකු ලෙස අවුරුදු 20 දී, විශ්වයේ ලාබාලතම කායවර්ධන ශූරයා විය. අවස්ථා 7 කදී ම ‘මිස්ටර් ඔපිම්පියා’ කායවර්ධන ශූරයා බවට පත් විය.

ආනෝල්ඞ්ගේ අයෝමය සිරුර හොලිවුඩයට මඟ හැදුවේය.

ආනෝල්ඞ්ගේ පළමු චිත්‍රපටය ‘හර්කියුලීස් ඉන් නිව්යෝක්’ චිත්‍රපටයයි. හර්කියුලීස් ලෙස  චිත්‍රපටයේ කළ රංගනයෙන් ආනෝල්ඞ් ජනප්‍රිය වූ පසු, ‘ප්‍රෙඬේටර්’, ‘රෙඞ් හීට්’, ‘කොනන් ද බාබේරියන්’, ‘රනින් මෑන්’, ‘කොමාන්ඩෝ’, ‘ටෲ ලයිස්’, ‘ටර්මිනේටර්’ ‘ඉරේසර්’, ‘ජිංගල් ඕල් ද වේ, ‘කොලෙටරල් ඩැමේජ්’, ‘රෝ ඩීල්’ ඇතුළු සදා මතකයේ රැඳුණු චිත්‍රපට රැසක ප්‍රධාන චරිත නිරූපණය කළේය.

නළුවකු, ව්‍යාපාරිකයකු පමණක් නොව, කාලයක් රංගනයට සමු දී ආනෝල්ඞ් කැලිෆෝනියා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කළේය. ඒ, 2003 සිට 2011 දක්වාය.

ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් වී ආනෝල්ඞ් දැන් යළි රංගනයට පිවිස සිටී. ඒ, 2013 වසරේ තිරගතවුණු ‘ද ලාස්ට් ස්ටෑන්ඞ්’ චිත්‍රපටය හරහාය. සම්මානනීය කළුවකු ද වන ආනෝල්ඞ් රංගනයෙන් දායක වූ චිත්‍රපට ගණන 45 ඉක්මවයි.

හොලිවුඞ් පුවත්


RECOMMEND POSTS