ආන්දෝලනාත්මක සෙල්ෆියක්



සෞදියේ සල්මාන් රජු එරට කාන්තාවන්ට රිය පැදැවීම සඳහා අවසර දෙනවැයි පවසමින් රාජ ආඥාවක් නිකුත් කිරීමෙන් පසු, සෞදි වැසියෙක් සිය බිරිඳට රිය පැදැවීමට උගන්වන අයුරු දැක්වෙන සෙල්ෆි ඡායාරූපයක් සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළේය.

මෙම සෙල්ෆි ඡායාරූපය දැඩි විරෝධයට හේතුවක් වී ඇත. හේතුව, සෞදියේ සාම්ප්‍රදායික මත දරණ බොහෝ දෙනකු කාන්තාවන්ට රිය පැදැවීමට ඉඩ ලබා දීම සම්බන්ධයෙන් නොසතුට පළ කර තිබීමය.

සෙල්ෆි ඡායාරූපය පළ කළේ ෆයිසාල් බා ඩුගාෂි නමැති විශ්ලේෂකයෙකි. මොහු සෞදි බලශක්ති සමාගමක සේවය කරයි. මොහු හිස් රථ ගාලක බිරියට කාරය පදවන්න පුහුණු කරන අයුරු සෙල්ෆියේ සටහන් වී ඇත.

(බී.බී.සී.)


RECOMMEND POSTS