ආක්ෂේ වීර කතාවකට



ඉතිහාස කථා, යුද්ධ කතා මේ දවස් වල බොලිවුඩයේ එපාවෙන තරමටම රැල්ලක් වෙලා.ගිය වසරේ තිරගතවූ පද්මාවත්, thugs of hindusthan වගේම මේ වසරේ මුල තිරගත වීමට නියමිත මණිකර්ණිකා,කලන්ක් සහ තාක්ත් චිත්‍රපටත් ඒ වගේම ඓතිහාසික යුධ පුරාවෘත. 

 මේ රැල්ලට එකතුවෙන තවත් නවතම සිනමා නිර්මාණයක් ගැන තමයි මේ ආරංචිය. නමුත් කිසිම දිනෙක ඉතිහාස යුධ කථාවක් සදහා රංගනයෙන් දායක නොවූ ආක්ශේ කුමාර් තමයි මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ.කවදත් පන්ජාබ් පදනමක් සහිත Dil bole hadippa, super singh,Jutt and juliet වැනි නිර්මාණ බිහි කළ  අනුරාග් සිං විසින් අධ්‍යක්ශනය කරන මෙම නිර්මාණය නමින් Kesari.

1897 සරාගර්හි 10,000 ක් වූ ඇෆ්ගන් හමුදාවකට එරෙහිව සටන් කල සික් ජාතිකයින් 21 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ගැන කියවෙන මෙම චිත්‍රපටයෙහි ඉශාර් සිං නම් සොල්දාදුවාගේ චරිතය ආක්ශේ විසින් නිරූපණය කරනවා. ඔහුගේ සොහොයුරිය ලෙස භාග්‍යාශ්‍රී සහ බිරිද ලෙසින් පරිනීතී චෝප්‍රා මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන බවයි දැන ගන්නට ලැබෙන්නේ. එසේම චිත්‍රපටය වෙනුවෙන් ආක්ශේ සිය පෙනුම පවා වෙනස් කරගෙන තිබන බවයි ආරංචි.

මේ සති අන්තයේදී තිරගත  වීමට නියමිත මෙම චිත්‍රපටයෙහි නිශ්පාදන දායකත්වය කරන් ජෝහාර් විසින් දරනවා.එය බොක්ස් ඔෆීස් වාර්තා බිද හෙලනු ඇතැයි බොලිවුඩ් විචාරකයින් දැනටමත් අනාවැකි පල කරලා.

( තිළිණි ද සිල්වා)
හින්දුස්තාන් ටයිම්ස් ඇසුරෙනි ..

RECOMMEND POSTS