අවුරුදු විසිපහේ සුරූපිනිය



කලෙක පටන් බොලිවුඩ් තිරයෙන් නොදකින.නොදැක්කත් කාටවත් අමතක නොවන බොලිවුඩ් සුරෑපි නිළියක් ගැනයි අපි අද කියන්න යන්නේ. ඒ සුරෑපිනීය තමයි සුශ්මිතා සෙන්. කාලෙකින් බොලිවුඩ් නොදිලිසුණු ඇයට ඉකුත්දා අපූරු පාටියකට යන්න ලැබිලා.

ඒ තමයි පසුගිය 21 වනදා සුරූපි බොලිවුඩ් නිලි සුශ්මිතා සෙන් විශ්ව රූ රැජින කිරුළ දිනා වසර 25 සපිරුණා. විශ්ව රූ රැජින කිරුළ හිමි කරගත් පලමු ඉන්දීය කාන්තාව වන්නේද ඇයයි.

මේ වෙනුවෙන් ඇගේ දියණියන් දෙදෙනා සහ පෙම්වතා රොමාන්වි ෂහ්වාල්  පුංචි සාදයක් පවත්වා ඇයව නැවත කිරුළු පලදවනු ලැබුවා.ඉන් ඇය මහත් සතුට පත්වුනා සේම.

ඇයට අත හිත දුන් රූ රැජින තරගයේ සංවිධායකයින් , බොලිවුඩ් හිදී අත හිත දුන් අයව තුති පිදීමට අමතක කලේ නැහැ.

( තිළිණි ද සිල්වා )
හින්දුස්තාන් ටයිම්ස් ඇසුරෙනි

RECOMMEND POSTS