අවධානය දිනූ පෝර්න් ස්ටාර්



පා පන්දු ලෝක කුසලාන තරගාවලියේ, සෞදිය සහ රුසියාව අතර පැවැත්වුණු පළමු තරගයේදී, ලොව පුරා පා පන්දු ලෝලීන්ගේ අවධානය දිනා ගැනීමට සමත් වුණු රුසියාවේ පා පන්දුලෝලිනියක යැයි කවුරුත් සිතූ සුරූපිනිය එරට ලිංගික ජවනිකාවල පෙනී සිටින ‘පෝර්න් ස්ටාර්’ නිළියක බව මේ වනවිට අනාවරණය වී ඇත.

නටාල්යා නෙම්චින්කෝ නමැති 28 හැවිරිදි ඇය, ලිංගික ජවනිකාවල පෙනී සිටින ‘පෝර්න් ස්ටාර්’ නිළියක බව ලෙස කටයුතු කරන්නේ 2016 වසරේ සිට යැයි ද මේ වනවිට අනාවරණය වී ඇත.

නටාල්යා නෙම්චින්කෝ ගැන බොහෝ දෙනා කතාබහ කරන්න වූයේ ලුස්ෂින්සි ක්‍රීඩාංගනයේ පැවැති පා පන්දු තරගාවලියේ දී ඇය පා පන්දු ලෝලීන් අතරේ සිට සරාගිනියක ලෙස ඔල්වරසන් දුන් ආකාරය සැළකිල්ලට ගනිමිනි.

ඇය විවාහක තැනැත්තියකි. ඇය විවාහ වී සිටින්නේ ඇයට වඩා වයසින් අඩු ළාබාල තරුණයකු සමඟය. ඇය මොස්කව් නුවර සෙබ්රා නමැති ශරීර සුවතා මධ්‍යස්ථානයේ හිමිකාරිවිය ද වෙයි.

(මේල් ඔන්ලයින්)

 


RECOMMEND POSTS