අවංක නිසයි ඇයට කැමති



ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලී සිය බොලිවුඞ් පෙම්වතිය අනුෂ්කා ෂර්මා ගැන හෝ දෙදෙනාගේ ආදර කතාව ගැන හෝ ප්‍රසිද්ධියේ අදහස් දක්වන්නේ ඉතා අඩුවෙනි.

කෙසේ නමුත් සුපිරි බොලිවුඞ් නළු අමීර් ඛාන් විසින් මෙහෙයවනු ලබන ‘සී ටීවී’ නාළිකාවේ ‘වී වර් ඕල් ඉයර්ස් ඇන්ඞ් අයිස්’ සංවාදශීලී වැඩසටහනට පසුගිය දා එක්වුණු කෝලී, අනුෂ්කා ගැන බොහොම ආඩම්බරයෙන් අදහස් දැක්වීය.

වැඩසටහනේදී අමීර් ඛාන් මෙසේ පැවැසීය. ‘මම අනුෂ්කාව හුඟ කාලයක් තිස්සේ හඳුනනවා. ඇය බොහොම හොඳ කෙනෙක්. ඒත් මම ඔබෙන් අහන්න කැමතියි ඔබ ඇයගේ හොඳම ගුණාංගය ලෙස දකින්නේ මොකක්ද?’

‘ඇයගේ හොඳම ගුණාංගය තමා ඇය ඕනෑවටත් වඩා අවංකයි. ඒක මම සැමවිටම අගය කරනවා. ඇයගෙන් මම හුඟක් දේ ඉගෙන ගෙන තියෙනවා. මම ඇයට හුඟක් කැමති ඇගේ අවංකකම නිසයි’ යැයි විරාත් පිළිතුරු දුන්නේය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS