අර්ජුන් කපූර්ටත් කොරෝනා



බොලිවුඩයේ ජනප්‍රිය නළුවකු වන අර්ජුන් කපූර්ට කොරෝනා ආසාදනය වී ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

ලැබුණු වෛද්‍ය උපදෙස් අනුව, තමන් නිවසට වී ස්වයං නිරෝධායනයට ලක් වී සිටින බව ට්විටර් පණිවුඩයක් මගින් අර්ජුන් කපූර් පවසා තිබේ.

අර්ජුන් කපූර් යනු ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක බොනී කපූර්ගේ පුත්‍රයෙකි.  අර්ජුන් කපූර් 35 හැවිරිදි වියෙහි පසුවෙයි.

මුම්බායිහිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS