අයිස්වර්යා-දියණිය රෝහලෙන් පිටවෙති



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් යැයි හඳුනා ගැනීමෙන් පසු රෝහල් ගත කළ බොලිවුඞ් සුරූපී නිළි අයිස්වර්යා රායි සහ දියණිය රෝහලෙන් පිටව ගියහ.

අයිස්වර්යා සහ දියණිය ආරාධ්‍යා රෝහලෙන් පිටව ගියේ තව දුරටත් ’කොවිඞ් 19’ ආසාදිතයන් නොවන බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වීමෙන් පසුවය.
අයිස්වර්යා රායි (46) සහ දියණිය මුම්බායි නනවාතී රෝහලට ඇතුළත් කෙරුණේ පසුගිය ජූලි 12 වැනිදාය.

ඒ, අයිස්වර්යාගේ සැමියා මෙන්ම ජනප්‍රිය නළුවකු ද වන අභිෂේක් බච්චන් සහ බොලිවුඩයේ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ නළු අමිතාබ් භච්චන් ද ‘කොවිඞ් 19’ ආසාදිතයන් බව තහවුරු වීමෙන් පසුවය. අමිතාබ් සහ අභිෂේක් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.

ඉන්දීය පුවත් සේවා


RECOMMEND POSTS