අයාකෝ කුමරිය විවාහ වෙයි



ජපානයේ අයාකෝ කුමරියගේ විවාහ මංගල්‍යය සාම්ප්‍රදාණුකූලව සිදුවිය.

28 හැවිරිදි අයාකෝ කුමරිය විවාහ වූයේ රාජකීයයකු සමඟ නොව, සාමාන්‍ය ජපන් වැසියකු සමඟය. ඒ අනුව, කුමරියට ඇයගේ රාජකීයයත්වය අහිමි වෙයි.

අයාකෝ කුමරිය යනු ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයාගේ තෙවැනි දියණියයි. මැයට වැඩිමල් සොහොයුරියන් දෙදෙනෙකි. ඔවුන් ද සාමාන්‍ය වැසියන් සමඟ විවාහ වී ඇති හෙයින් රාජකීයත්වය අහිමි වී ඇත.

අයාකෝ කුමරියගේ අත ගත්තේ 32 හැවිරිදි කෙයි මොරියාය. මොරියා රැකියාව කරන්නේ ‘නිපොන් යූසෙන්’ නමැති භාණ්ඩ නැව්ගත කිරීමේ සමාගමකය.

ජපන් රජ පවුලේ සාමාජිකයන්ට ඔවුන්ට කැමැති කෙනකු සමඟ විවාහ වීමට නිදහස හිමිවෙයි. රාජකීය නීතියට අනුව කුමරියක, රාජකීය පෙළපතට අයත් නොවන සාමාන්‍ය වැසියකු සමඟ විවාහ වුවහොත් ඇයට ඇගේ රාජකීයත්වය අහිමි වෙයි. රජ කුමරකුට එසේ වන්නේ නැත.

අද අකිහිතෝ ජපන් අධිරාජයා බවට පත් වී සිටින, අයාකෝ කුමරියගේ පියා ජපානයේ පළමු ඔටුන්න හිමි කුමරුන් ලෙස විවාහ වූයේ සාමාන්‍ය යුවතියක සමඟය. විවාහයෙන් පසු ඔහුගේ බිරිඳ මිචිකෝ අධිරාජිණිය බවට පත් විය. මොවුන් දෙදෙනා එකිනෙකා හමුවූයේ ටෙනිස් ක්‍රීඩා කිරීමට ගිය අවස්ථාවකදී යැයි ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS