අමුතු ආදර අන්දරයක්



විචාරකයන්ගේ පැසැසුමට ලක් වුණු ‘ෂේප් ඔෆ් ද වොටර්’ චිත්‍රපටය නූතන සුරඟන කතාවක් යනුවෙන් ද හැඳුන්වා දී ඇත.

චිත්‍රපටයට පාදක වන්නේ 60 දශකයයි. 1962 වසර වෙද්දී, ඇමෙරිකාව සහ සෝවියට් දේශය අතර නිරවි යුද්ධයක් පැවැතිණි. සෝවියට් දේශය සහ ඇමෙරිකාව එකිනෙකාට තර්ජනය කර ගනිද්දී, රහසේ පර්යේෂණවල නියැලෙමින් සිටිති.

‘ෂේප් ඔෆ් ද වෝටර්’ චිත්‍රපටයට පාදක වන්නේ ඇමෙරිකාවේ පර්යේෂණාගාරයක රහස් පර්යේෂණවලට යොදා ගන්නා මිනිස් ජලජ සත්වයකු සහ එම සත්වයාට අනුකම්පා කරන එලීසා නමැති ගොලු තරුණියකගේ කතාවය. අත්හදා බැලීම් සහ කුරිරු වධ බන්ධනයනට ලක් වන මෙම සත්වයා නපුරු විද්‍යාඥයන්ගෙන් බේරා ගැනීමට එලීසා උත්සාහ ගනී. චිත්‍රපටයේ කතාව වන්නේ එයයි.

‘ෂේප් ඔෆ් ද වොටර්’ සම්මානනීය මෙන්ම ප්‍රවීණ අධ්‍යක්ෂවරයකු වන ගිලර්මෝ දෙල් ටෝරෝගේ අධ්‍යක්ෂණයකි. අපූර්වාකාරයේ සිනමා අධ්‍යක්ෂවරයකු ලෙස ගිලර්මෝ දෙල් ටෝරෝ ප්‍රකටය.

ඔහුගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු ‘හෙල්බෝයි 1 සහ 2’ ‘පෑන්ස් ලැබ්රින්ත්’ සහ ‘පැසිෆික් රිම්’ චිත්‍රපට අතිශයින් ජනප්‍රිය වූවා පමණක් නොව, බොක්ස් ඔෆිස් වාර්තා ද පිහිටුවා ඇත.

සැලී හෝකිංස්, ඔක්ටේවියා ස්පෙන්සර්, මයිකල් ෂැනොන්, රිචඞ් ජෙන්කින්ස් ඇතුළු නළු නිළි කැළක් චිත්‍රපටයට සම්බන්ධ වී සිටිති. ‘ෂේප් ඔෆ් ද වොටර්’ චිත්‍රපටය සම්භාව්‍ය ගණයට වැටෙන අපූරු චිත්‍රපටයක් වන අතර ඊට කෑන්ස් ඇතුළු විදෙස් සිනමා සම්මාන උලෙළ කිහිපයක ඇගැයීමට ලක් වී තිබේ.

‘ෂේප් ඔෆ් ද වෝටර්’ චිත්‍රපටය ලබන දෙසැම්බර් දෙවැනි දා සිට තිරගත වෙයි.

අන්තර්ජාල පුවත්

 


RECOMMEND POSTS