අනුෂ්කා ෂර්මාට සුබ උපන්දිනයක්



බෙලිවුඞ් සුරූපිනියක මෙන්ම, ඉන්දීය ක්‍රිකට් තරුවක වන විරාත් කෝලිගේ බිරිය ද වන අනුෂ්කා ෂර්මා අද (1) සිය 30 වැනි උපන් දිනය සමරයි.

උපන් දිනය වෙනුවෙන් කෝලි, අනුෂ්කා සමඟ ඡායාරූප කිහිපයක් ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කරමින් ‘මගේ ආදරේට සුබ උපන් දිනයක්. මම දන්නා අවංක මෙන්ම කිසිම දෙයකින් පසු නොබසින තැනැත්තිය ඔබයි’ යැයි පවසා ඇත.

කෝලි මේ වනවිට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වී සිටී. ඔහුට ධෛර්යය දෙමින් අනුෂ්කා ද ක්‍රිකට් තරගාවලිය නරඹන්නීය. අනුෂ්කා සහ කෝලිගේ විවාහ මංගල උත්සවය පැවැත්වූයේ පසුගිය වසරේදීය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS