අනුෂ්කා නිසා ප්‍රශ්නයක්



ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලිගේ බිරිඳ වන හොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා නිල උත්සවයකට සහභාගී වීම හේතුවෙන් එරට ක්‍රිකට් ලෝලීන් අනුෂ්කාව විවේචනය කිරීම පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ දිනවල පැවැත්වෙන ඉන්දීය-එංගලන්ත ක්‍රිකට් සංචාරය අතරතුර එංගලන්තයේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේදී රාත්‍රි භෝජන සංග්‍රහයකට එක්වූ ඉන්දීය කණ්ඩායමේ සමූහ ඡායාරූපයක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ට්විටර් ඔස්සේ පළකර තිබූ අතර එම ඡායාරූපයෙහි අනුෂ්කා ෂර්මා ඉදිරියෙන්ම සිටින බැවින් ඇය ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකුද යන වග ඉන්දීය ක්‍රිකට් ලෝලීන් සමාජ ජාල ඔස්සේ විවේචනය කිරීම මෙම ගැටලුවට හේතු වී තිබේ.

තවද වෙනත් කිසිදු ක්‍රීඩකයකුගේ බිරියක් එම ඡායාරූපයේ නොමැති වීමත් කණ්ඩායමේ ක්‍රීඩකයන් පසුපෙළට ඇද දමමින් ඇය ඡායාරූපයේ ඉදිරිපෙළ ගැනීමට හේතුව කුමක්ද යන්නත් ක්‍රීඩා ලෝලීන් කෝප සහගත ප්‍රකාශයන් පළ කර තිබූ අතර ඔවුන් පවසා සිටින්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අනෙක් ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන්ට සහ පෙම්වතියන්ට ආරාධනා කර නොමැති බවය.

( තිළිණි ද සිල්වා )

හින්දුස්ථාන් ටයිම්ස්.


RECOMMEND POSTS